October 19, 2010

නොමිලේ ලබාගත හැකි විවෘත මෘදුකාංග..

         මෙම නිදහස් මෘදුකාංග කියන වචනය රිචඩ් ස්ටෝල්මන් විසින් 1983 දී ඕනෑම කාර්යක් සඳහා භාවිතා කිරීමට හඳුන්වා දුණි. අධ්‍යපන කටයුතු උදෙසා මෘදුකාංග කේත භාවිතා කිරීමට මෙන්ම නැවත වැඩිදියුණු කිරීමටද අවස්ථාව මෙයින් උදාවිය. මෙහිදී නිදහස් මෘදුකාංග ලෙස සිංහලෙන් හැඳුන් වූවද Free යන ඉංග්‍රීසි වචනයෙන් කියවෙන්නේ නොමිලේ යන අරුතකි. නමුත් එය වැරදි බව වටහා ගත යුතුය. මෙය FOSS යන පොදු නමකින්ද හඳුනා ගත හැකිය. එනම් Free/Libre/Open-Source Software (FOSS) වශයෙනි.
 මා මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ විවිධ වැඩ කරගත හැකි  FOSS මෘදුකාංග කීපයක් ගැනයි.
Audacity - මෙය ඕනෑම පද්ධතියක වැඩ කලහැකි එකකි. එමෙන්ම පටිගත කිරීම, ශබ්ද සංස්කරණයටද ප්‍රචලිත වී ඇත.
MP3Split  - මෙය MP3, OGG වැනි ශබ්ද ඛණ්ඩ කොටස් කරගත හැකි භාවිතයට පහසු තාලයේ එකකි.
CDex - සීඩි රිප් කිරීමට ඕඩියෝ සීඩි වල දත්ත ලබා ගැනීමට උචිත එකකි.
Mixxx  - මෙය DJ සංගීත කටයුතු සඳහා භාවිතා කරන මෘදුකාංගයකි. ආධුනික හෝ වුර්තීය අයෙකුට වූවද එකසේ භාවිතා කල හැකිය.
CalmWin -  මෙය වින්ඩෝස් සඳහා වූ නොමිලේ ලබාගත හැකි ප්‍රතිවෛරස් මෘදුකාංගයකි. එසේම  ප්‍රබල වෛරස් මර්ධකයක් වීම නිසා< නිදහස් ලොව තුල ජනප්‍රිය වී ඇත.

Buddi -  මෙය අය වැය කටයුතු ආයතනය තුල සිදු කරගැනීමට උදවු කරන සගයෙකි.
FreeCAD -  මෙය සාමාන්‍ය ත්‍රිමාන කැඩ් නිර්මාන කරගත හැකි සරල ටූල් එකකි.
InfraRecorder -  මෙය cd/dvd ලිවීමට පහසු ග්‍රා‍ෆික අතුරුමුනතක් ඇති ග්නු පොදු සහතික ලත් මෘදුකාංගයකි.
PeaZip -  මෙය ජංගම ලෙස භාවිත කලහැකි හැකුලුම් මෘදුකාංගයකි.එන්ක්‍රිප්ෂන් කටයුතු වලටද යෝග්‍ය මෙය බොහෝ හැකුලුම් ආකෘති වලට සහය දක්වයි.
Xvid,flac,ffshow,ac3Filter මේවා නිතර භාවිතා වන කොඩැක් වේ. k-lite codec mega pack මගින් ඔබට මේව සියල්ල ලබා ගත හැකිය
Free Download Manager -  මෙය වඩා ආරක්ෂාකරි මෙන්ම වේගවත් එකකි. වානිජ්‍ය මෘදුකාංග මෙන් ක්‍රැක් කිරීම් අනවශ්‍යයි. ටෝරන්ට් බා ගැනීමටද පුළුවන.
HTTrack -  ඔබට වෙබ් අඩවි බාගත කර ගැනීමට අවශ්‍ය නම් මෙය ඊට විසඳුම් සපයයි. offline browsing ද කල හැකි වේ.

මේ මෘදුකාංග වලට අමතරව බොහෝ වටිනා මෘදුකාග මෙම වෙබ් අඩවියේ පවතී. එය නමින් වෙබී ය.