September 7, 2010

වින්ඩෝස් 8 ගැන විස්තරයක්..


          වින්ඩොස් XP වලට ආයුබෝවන් කියමින් වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතිය 2012 වන විට වෙළඳපලට නිකුත් කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතනය තීරණය කර තිබේ. මේ සමඟ XP වලට තිබූ අගය අඩු වේ යැයි සිතිය හැකිය. මොකද මෙම සංස්කරණයෙන් පසුව එන වින්ඩොස් සංස්කරණ වල තාක්ෂණය XP වලට උචිත නැති අතර එය යල් පැන ගිය මෘදුකාංගයක් බවත්, නව ආරක්ෂණ ක්‍රම වලට යෝග්‍ය නොවෙන බවත් නැවත XP නිෂ්පාදනයක් නොකරන බව කිව යුතුය. එසේම වෛරස් ආසාදනය වීමේ සීඝ්‍රතවක් පවතී. එබැවින් මයික්‍රොසොෆ්ට්  සමාගම වින්ඩොස් 8 ඉදිරිපත් කරන්නේ. මේ මෙහෙයුම් පද්ධතිය බිට් 64 හා 128 වලින් පමණයි ඉදිරිපත් වෙන්නේ, එම නිසා මෘදුකාංග හා දෘඩාංග නිෂ්පාදකයන්ද  බිට් 64 හා 128 උචිත නිෂ්පාදන කිරීමට පෙළඹී ඇත. අප බිය විය යුතු නැත මෙය භාවිතා කිරීමට. මේ සංස්කරණය තුළින් වෛරස් තර්ජන අඩු කරගත හැකිය. මොකද වෛරස් නිර්මාපකයන් වෛරස් ලියන්නේ ගොඩක් දුරට බිට් 32 සඳහාය. ඒ වගේම මේ නිසා තමන්ගේ පරිගණකයේ එදිනෙදා වැඩ ඉක්මණින් සිදු කරගත හැකිය (වේගවත් ව කටයුතු කිරීමට මේ ක්‍රමය යොදාගෙන ඇතැයි සිතේ). 

   
මේ සංස්කරණය 7 සංස්කරණයටත් වඩා ඉක්මණට බූට් වීම සිදු වේ. මෙහි අතුරුමුහුණතද අමුතු ආකාරයකට ඉදිරිපත් කරයි. ඔබත් වින්ඩොස් 8 GUI යැයි සර්ච් කරල බලන්න එවිට එන තිර රූප විවිධාකාර ලස්සන ඒවාය. නමුත් මේව සංකල්ප පමණක් බව සිහි තබා ගත යුතුය. අවසන මෙහෙයුම් පද්ධතිය මීට හාත්පසින් වෙනස් විය හැකිය. මන්ද එය තවමත් සංවර්ධන අදියරේ පසුවෙන නිසාය. මෙය බ්ලුටූත් 3.0 මෙන්ම යුඑස්බී 3.0 වලටද සපෝර්ට් කරයි. එමෙන්ම මෙහි අවම ධාවන අවශ්‍යතාවය විය හැක්කේ මතකය 2 GB බව පෙනේ.මොකද දැන් දෘඩාංග මිල අඩු වීමත් නව තාක්ෂණයන්ට වැඩ කිරීමට වැඩි බලයක් අවශ්‍ය වීමත් ය. වෙබ් පාදක වැඩසටහන් වලට වැඩි සහයක් ලබා දේ. මොකද දැන් නව ප්‍රවණතාවය virtual ලෝකයක් වීමයි. චිත්‍රපට නැරඹීමට, පරිගණක ක්‍රීඩා කිරීමට හොඳ සහයක් දක්වනු ඇත. එවිට නොයෙක් ආකාරයෙන් ක්‍රීඩා ඉදිරිපත් කරනු ඇත. 3D මතු නොව 4D තාක්ෂණය 2012 වන විට ජනප්‍රිය විය හැකිය.
    එසේම මීට සමගාමීව ස්මාර්ට් දුරකතන සඳහා ඔවුන් වින්ඩොස් මොබයිල් 8 සංස්කරණයද, දැන් තිබෙන ඔ‍ෆිස් 2010 වෙනුවට ඒ තැන ගනු ඇත්තේ දැනටමත් සංවර්ධනය වන Office 15 ය. මෙයට විශේෂ අංගයක් එකතු වී ඇත. එය නම් කොට ඇත්තේ "Push-button reset" ලෙසයි. එමගින් සිදුවන්නේ වින්ඩොස් නැවත ස්ථාපණය කරන්නේ නම් එවිට පෙර භාවිත කරන ලද පුද්ගලික තොරතුරු, සැකසුම්, වැඩසටහන් නැවත සකස් වීමයි.ඒ වගේම මුහුණු හඳුනාගැනීම මගින් පරිගණකයට ලොග් වීමට Account එකේ පරිපාලන කටයුතු සිදු කිරීමට ඉඩ දේ. මෙය වඩා ආරක්ෂාකාරි පියවරක් බව පෙනේ. මීට අමතර වින්ඩොස් සමඟ නොමිලේ ලබාදෙන සංස්කරණ වල අලුත්ම ඒවා වන Media Player 13 ද, Internet Explorer 9 ද ඉදිරිපත් වේ. නව ගතිගුණ ඊට එක්කොට තිබේ. පරිගණකයේ තිබෙන දුර්වලතා ඉක්මණින් හෙවත් එය පෙන්නුම් කිරීමට කලින් හඳුනා ගෙන පරිශීලකයාට ලබා දීම වැඩිදියුණු වී තිබේ. මේ සමඟ ඔබට ලයිව් 2011ද ලබාගත හැකිය. එසේම වින්ඩොස් 8 සඳහාම පරිගණකයක් ඉදිරිපත් කර තිබේ. ඔබේ ගොනු අන්තර්ජාලයේ backup කොට අවශ්‍ය වූ විට ඉක්මනට ලබා ගැනීමට (Recovery කිරීමට)හැකි ගුණයක් ඊට එක්කර තිබේ. ජංගම යුසර් එකවුන්ට් එකක් සාදා කෙටි මුරපදයක් ඇතුලු කොට පරිගණකයේ දත්ත ඕනෑම තැනක සිට පාලනය කිරීමටද මින් පහසුකම් සැලසේ. හරියට පරිගණකය ඉදිරියේ සිටින්නාක් මෙනි. මෙය ස්පර්ශ සංවේදී තිරයට සපෝර්ට් කරයි.
    අවසාන වශයෙන් කිව හැක්කේ මෙය ඕනෑම අයෙකුට හුරුබුහුටි ලෙස භාවිතා කර හැකි නව තාක්ෂණික අංග වලින් පිරි XP තිබූ වටිනා ගුණාංග හා 7  මෙහෙයුම් පද්ධති ඇති විශේෂාංග වැඩිදියුණු කර ඇතුලත් කර තිබෙන නව පන්නයේ මෙහෙයුයුම් පද්ධතියක් බවයි..
ඔබට ඕන නම් පහළ ලින්ක් එකෙන් වින්ඩොස් 8 හි අලංකාර සංස්කරණය ගන්න එය 2.5 GB පමණ වේ.
කියවූ ඔබට ස්තූතියි...!