August 23, 2010

නොමිලේ ගත හැකි ප්‍රතිවෛරස් මෘදුකාංග

      ඉතින් කොහොමද..! අද මං කතා කරන්නට යන්නේ නොමිලේ ගන්න පුළුවන් Anti-virus software පිළිබඳවයි. මෙය කාලයට උචිත යැයි මට හැඟුනු නිසා ඉදිරිපත් කිරීමට සිත් විය. මෙහිදී අපට වැදගත් වන්නේ වඩා හොඳින් වෛරස් අල්ලාගන්න ගාඩ් එකක්නේ. මා මේ ඉදිරිපත් කරන සියලු මෘදුකාංග එකිනෙකට වෙනස් ගතිගුණ වලින් පවතී. ඉතින් වඩා හොඳ මොකක්ද කියලා ඔබම ‍තෝරා ගන්න. මෙහි දැක්වෙන්නේ ජනප්‍රියත්වය හා හොඳම Free antivirus software 5 ක් ගැනයි. () AVG Free - මෙම මෘදුකාංගය මඟින් මූලිකව ඔබේ පරිගණකය ආරක්ෂා කිරීමේ විධිවිධාන එක් කොට තිබේ. ඔබ ටොරන්ට් මගින් මෙහි වානිජ සංස්කරණය භාවිතා කරහොත් ඔබට වැඩි ආරක්ෂාවක් ලබාගත හැකියි. මා මෙසේ කියන්නේ මා ද AVG භාවිතා කර ඇති නිසයි. දැනට 9.0 සංස්කරණය පවතින අතර අවශ්‍ය නම් එය ඔබට බාගත කරන්න පුලුවන්. () avast! Free Anti-virus - මෙය මේ වනවිට වඩා ජනප්‍රිය වී ඇති මෘදුකාංගයකි. මොකද මෙය ස්ථාපිත පරිගණකයක system file ගැඹුරු ලෙස scan කරයි. තවද පරිගණකයේ අන් කටයුතු වලට බාධා නොවීම, realTime protection පහසුකම ඇතුලු දේවල් ගොඩක් මීට අන්තර්ගතය. () Avira Personal Edition - මෙය නම් ඔබත් භාවිතා කරනු ඇතැයි සිතමි.කුඩයක සලකුණකින් යුක්ත මෙය ඇත්තටම පරිගණකය උවදුරු වලින් ගලවා ගන්නා සගයෙකි. මෙහි Linux සංස්කරණයක්ද පවතී. ‍ෆිෂින් රූට්කිට් ස්ක්‍රිප්ට් වෛරස් ආදියට විශේෂයෙන් සැකසූ මෘදුකාංගයකි. මෙයින්ද ඔබගේ පරිගණකයට නිසි ‍රැකවරණයක් ලැබෙනු ඇත. () Microsoft Security Essential - මෙය විශේෂ වැදගත්කමින් යුත් මෘදුකාංගයක්. ඔබ භාවිතා කරන්නේ කුමන හෝ වින්ඩොස් සංස්කරණයක් නම් ඊට සම්පූර්ණ සුරක්ෂිතත්වයක් ලබා දේ. නමුත් මෙහි එක් අඩුපාඩුවක් පවතී. එනම් මෙය ස්ථාපිත කල හැක්කේ Genuine වූ පරිගණකයක පමණයි. අප බොහෝවිට නියම මෘදුකාංග භාවිතා නොකරන නිසා මෙය අපට නොගැලපේ. නමුත් වටිනා මෘදුකාංගයකි. () ThreatFire - මෙය සමහර විට ඔබ අහලත් නැතුව ඇති, මෙය ප්‍රති වෛරස් මෘදුකාංගයක් සේම එයට සහය දක්වන මෘදුකාංගයකි. වේගය අඩු වීමකින් තොරව අවශ්‍ය නම් මෙයත් සමග වෙනත් වෛරස්ගාඩ් එකක් වුවත් භාවිතා කරන්න පුළුවන්. මෙය පමණක් පැවතියද පරිගණකයේ ආරක්ෂාවට සෑහේ.මෙතනින් ගොස් ඔබගේ වෛරස්ගාඩ් එකට දක්වන සහය බලාගත හැකිය.

වැදගත්: : (මෙම උපදෙස් සිහියේ තබා ගන්න එවිට අනවශ්‍ය පරිදි දත්ත හානි වීම් ආදිය බොහෝ දුරට අවසන් වේ)
>> ඔබ භාවිතා කරන වෛරස්ගාඩ් එක හැකි නවතම අප්ඩේට් එකෙන් සන්නද්ධ කරවන්න.
>> සතියකට වරක් හෝ දෙවරක්(හැකිනම්) scan කරන්න.
>> පරිගණකයට විවිධ CD/DVD,Pen Drives,Memory card ආදිය සම්බන්ධ කරන්නේ නම් Scan කරගන්න.
යහපත් අයුරින් වෛරස්ගාඩ් එක තබාගත හොත් වෛරස් ආසාධනය වීමක් බොහෝ දුර සිදු නොවේ. සිදු වේ නම් බොහෝ විට භාවිතා කරන්නගේ නොසැලකිළිමත්කම නිසයි.(නමුත් ඔවුන්ටම වරද පැටවිය නොහැකියි වරද ඇත්තේ පරිගණක software එකක වීමටත් බැරි නැත.)අවසාන වශයෙන් මා නිර්දේශ කරන්නේ ThreadFire පමණක් හෝ වෙනත් anti virus software එකක් සමග මෙය භාවිතා කරන ලෙසයි. සියළු software Free භාවිතා කිරීමෙන් පරිගණකයේ ද ඔබගේද යහපත සැලසේ. තවත් නිදහස් මෘදුකාංග ගැන පසුවට විමසා බලමු. දැනට මං නවතිමි..!