August 23, 2010

වෙබ් බ්‍රව්සර් වල පහසුකම්

             ඔබට කොහොමද..! අද අපි බලමු අප භාවිතා කරන බ්‍රව්සර් වල නවතම සංස්කරණ වල තිබෙන පහසුකම් ගැන. අපි වැඩිපුරම භාවිතා කරන Google Chrome, Firefox, IE යන මෘදුකාංග වල නවතම සංස්කරණ ඉදිරිපත් කර තිබේ.(ඉහත පිළිවෙල අනුව මා වඩා ආශා කරන බ්‍රව්සරය chrome.) එනම් Google Chrome 6.0, Firefox 4.0, IE 9.0. මේ  සෑම එකක්ම තවමත් බීටා අවධියේ පවතින අතර වරින් වර අප්ඩේට් වීම් සිදු කෙරේ. ඒ විවිධ මෘදුකාංග සංවර්ධකයන් විසින් සොයා දෙන bugs ඉවත්කොට සංස්කරණය ලබාදීමයි. අනාගතයේ අපට හමුවන CSS 3, HTML 5 වැනි අංග වලට උපරිම සහය දක්වන අයුරින් මේව ඉදිරිපත් කොට තිබේ.මොකද පෙර සංස්කරණ ඊට නොගැළපෙන නිසා.
          අපි දැන් විමසා බලමු එහෙනම් එක් වී තිබෙන නවතම ලක්ෂණ මොනවද කියල..මුළින්ම කියන්න තියෙන්නේ සෑම එහෙකම UI එක වෙනස් කර තිබීමයි. chrome browser එක ගත්තොත් එහිදී තනි click කිරීමකින් form එකම AutoFill වේ. ඒ සඳහා Settings  > Options > Personal Stuff tab එකේ Form auto fill යන කොටසෙන් enable Desable කිරීමට පුළුවනි. තවද ඔබ වෙබ් ඩිවලොපර් කෙනෙක් නම් ඊට අදාල කරුණු හා පහසු කරන ක්‍රම ඇතුළත් කොට තිබේ. නැත්නම් ඔබ සාමාන්‍යයෙන් වෙබ් අඩවි බලනව විතරක් නම් අළුත් යැයි කිව හැකි යමක් නැතිවා සේය. වේගයද පෙරට වඩා වැඩිය.(Mainly based for Web developers)
Firefox බ්‍රව්සරය  මඟින් පෙර භාවිතා කර ඔබ වඩා කැමති addons ලබා ගැනීමට පුළුවන්. ඒ සදහා මෙතන ක්ලික් කරන්න.මෙහි සැළකිය යුතු වෙනස්කම්  අතරින් ඉහල තීරයේ ටැබ් පිහිටීම (ක්‍රෝම් වල වගේ),වින්ඩොස් විස්ටා හා 7 වලදී firefox button නම් ටැබ් එකක් තිබීම(ප්‍රධාන විධාන පමණක් ඇතුළත් කර තිබේ),Smart location Bar(නව ටැබ් එකකට යෑමේ පහසුකම), සම්පූර්ණයෙන්ම webGL වලට සහය දැක්වීම,වඩා වැදගත්ම දේ තමයි අපට සිංහලින් ටයිප් කිරීමට පෙරට වඩා වැඩි සහයක් දැක්වීම(අකුරු රෙන්ඩර් වෙන විදිය නියමයි). ඔන්න ඕව තමයි වැදගත් අංග.
දැන් IE ත් දඟලන්නේ ඉන්ටෆේස් එක වෙනස් කරල පහසුකම් වැඩි කරන්න. ඒත් කලින් ඒවගේ තියන ඒවම තමා ගොඩක් තියෙන්නෙ. තවද වෙබ් පි‍ටු වලට පිවිසෙන වේගය වැඩි කර තිබේ.(නමුත් සමහර site වලට යනකොට වේගය ගෙන අහන්න දෙයක් නෑ ඒ ඉතින් ලංකාවේ internet වල හොඳකම තමා : P) IE 9 නියම ආකාරයෙන් දක්නට ලැබෙන්නේ 2012 දී ඉදිරිපත් කරන windows 8 වලින්.ස්ථාපනය කළ හැක්කේ Windows vista+ පමණි.
ඔන්න ඕවා තමයි අළුතෙන් තියෙන web browser වල විස්තර..! අපි තව දවසක හමුවෙමු..ඔබට ස්තූතියි.